නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වැඩ භාරගනී

පොලිස්පති තනතුරට පත් කෙරුණු සී.ඩී. වික්‍රමරත්න මහතා අද (27) සිය ධුරයේ කටයුතු නිළ වශයෙන් ආරම්භ කළේය. වික්‍රමරත්න මහතා මෙරට පොලිස් ඉතිහාසයේ 35 වැනි පොලිස්පතිවරයායි.

සී.ඩී. වික්‍රමරත්න මහතා වසර එක හමාරකට අධික කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අතර පසුගියදා ජනාධිපතිවරයා විසින් ඔහු පොලිස්පති තනතුරට පත්කළේය. ඉන්පසු ඒ සඳහා පාර්ලිමේන්තු සභාවේද අනුමැතිය හිමිව තිබිණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!