සෞදියට ශ්‍රමිකයින් යැවීම ඇරඹේ

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නතරකර තිබු සෞදි අරාබියේ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත්කර හැරීමේ කටයුතු යළි ආරම්භ කර තිබේ.
ඒ අනුව අද (27) රාත්‍රීයේ 60 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්වයාමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
ශ්‍රමිකයින් 180ක් සෞදියේ රැකියා සඳහා යොමුකෙරෙන අතර එහි පළමු කණ්ඩායම ලෙස එම පිරිස පිටත්ව යන බව සඳහන් වේ.
ඔවුන් සෞදියේ හෝටල් ක්ෂේත්රයේ රැකියා සඳහා යොමුකෙරෙන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.