කොරෝනා මිනී වළලන්න නොදීම විකාරයක් – අලි සබ්රි
කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමදානයට ඉඩ නොදීම මහ විකාරයක් යැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටී.
භූගත ජල මට්ටම ඉහළ පිහිටි රටවලද ඇතුළුව ලොව රටවල් 194ක් කොරෝනා දේහයන් භූමදානයට ඉඩ දී ඇති බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය එය පිළිගෙන ඇති බවත් එක්සත් ජාතික සංවිධානය එය සලකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවත් ඔහුගේ සටහනේ දැක්වේ.
කොවිඩ් 19 ආදනයෙන් මියයන මුස්ලිම්වරුන් භූමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් යළිත් වරක් මුස්ලිම් සමාජයෙන් බරපතල විරෝධයක් එල්ලවෙමින් පවතී.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
කොරෝනා අසාදනයෙන් පසුගියදා ජිවිතක්ෂයට පත්වූ මාලිගාවත්තේ මුස්ලිම්වරයකුගේ දේහය ආදාහනය කිරීමට තමන්ට මිනී පෙට්ටියක් හෝ ඒ වෙනුවෙන් මුදල් දිය නොහැකි බවට විරෝධය පළකර ඇති මියගිය පුද්ගලයාගේ ඥාතීන් අදාල දේහය බාර නොගෙන රෝහලට භාර දී පැමිණ ඇත.
පසුගිය දින කිහිපයේ මෙවැනි සිද්ධීන් කිහිපයක්ම වාර්තා වී ඇති බව ද ලීඩර් කියා සිටී.
කෙසේවුවද සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසන්නේ, කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් බොහෝ ඉල්ලීම් ලැබී තිබෙන නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති බවයි.
විශේෂ ප්‍රකාශය කරමින් ඇමතිවරිය ඒ බව පවසන්නේ, කෝවිඩ්19 වසංගතය හේතුවෙන් මිය යන මුස්ලිම්වරුන් ආදාහනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව තුළ යළිත් වරක් ආන්දෝලනයක් මතුවීමෙන් අනතුරුවය.