කොළඹ නගර සීමාව තුළ කොවිඩ් තත්වය තවදුරටත් අපට පාලනය කළ හැකි මට්ටමක නෑ – PHI සංගමය
කොළඹ මහ නගරසභා සීමාව තුළ කොරෝනා තත්වය තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාලනය කළහැකි මට්ටමක නොපවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
“කොළඹ මහනගර සීමාව තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාලන කළහැකි මට්ටමක ආසාදනය පවතින්නෙ නෑ. මේ වෙද්දි විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙනවා. අපි දැඩි පරිශ්‍රමයක් යොදමින් ඉන්නවා පාලනය කරගැනීම සඳහා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
උපුල් රෝහණ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.