රැඳවියන්ගේ ඥාතීන් පැමිණීම නිසා මහර බන්ධනාගාරය අසල උණුසුම් වෙයි (Video)
මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් 70 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. අද පෙරවරුවෙදී ද බන්ධනාගාරය තුළින් වෙඩි හඬ ඇසුණු බවයි වාර්තා වන්නේ.
මේ අතර අද (30) පෙරවරුවේ බන්ධනාගාරය අසළ උණුසුම්කාරී තත්වයක් ඇති විය. ඒ බන්ධනගාර රැඳවියන් බැලීම සඳහා පැමිණි ඥාතීන් පිරිසක් හේතුවෙනි.
ඔවුන් එහි සිටියදීම බන්ධනාගාර බස්රථවලින් රැඳවියන් වෙනත් ස්ථානයක් වෙත රැගෙන ගිය අතර මාර්ගය දෙපස රැඳී සිටි රැඳවියන්ගේ ඥාතීන් හඬා වැටෙමින් ඉල්ලා සිටියේ තමන්ගේ ඥාතීන්ගේ ජීවිත බේරා දෙන ලෙසයි.