ලංකාවට ආපු චීනයේ විශේෂ ගුවන් යානය

නොවැම්බර් 05 දා සිට නොවැම්බර් 10 දා දක්වා චීනයේ ෂැංහායි නුවර ක්‍රියාත්මක කිරීමට නියමත චීන අපනයන හා ආනයන ප්‍රදර්ශනයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් චීන ඊස්ටර්න් ගුවන් සේවයට අයත් යානයක් සරසා තිබේ

.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම ගුවන් යානය ලොව වටා කිලෝමීටර් 100000ක පියාසර දුරක් සම්පූර්ණ කරමින් පසුගිය 18 දා ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

එම ගුවන් යානය ලොවපුරා ගමනාන්ත 10ක් වෙත පියාසර කළ අතර අවසන් ගමනාන්තය ලෙස කටුනායන ගුවන් තොටුපොළට පැමිණියේය.

දකුණු ආසියාව, ගිණිකොනදිග ආසියාව හා බටහිර ආසියානු යන කලාප අතරින් එම ගුවන් යානය පැමිණ තිබුණේ ශ්‍රී ලංකාවට පමණි.

එය චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින විශේෂ මිත්‍රත්වයේ විශේෂ අවස්ථාවක් බවත් ශ්‍රී ලංකාවේ අපනයන චීනයට වැඩි කිරීම සඳහා අවස්ථාවක් බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.