කොවිඩ් ආසාදිතයින් 350ක්

අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 350ක් හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් සියලු දෙනා මීට පෙර වාර්තා වු කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 24,882ක් දක්වා ඉහළ ගොස් තිබේ. මිනුවන්ගොඩ – පැලියගොඩ කොවිඩ් පොකුර ද ඒ අනුව ආසාදිතයින් 21,333කි.

අද දිනයේ ආසාදියින් 487ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 18,304ක් දක්වා ඉහළ ගියේය.

ඒ අනුව රෝහල්ගත කොවිඩ් රෝගීන් ගණන 6,456ක් වේ.