අටලුගම කොවිඩ් ආසාදිතයෙකු සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසු බවට චෝදනා

අටුලුගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයෙකු රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ පැමිණි අවස්ථාවේ දී එම කොවිඩ් ආසාදිත පුද්ගලයා සෞඛ්‍ය අංශ වෙත කෙළ ගැසීමක් සිදුකර තිබුණේ රෝහලගතවීම ප්‍රතික්ෂේප කරමින් බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 96 දෙනෙකු හඳුනාගැනීමත් සමග එම ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 300 ඉක්මවා තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (02) හඳුනාගත් ආසාදිතයින් 106 දෙනා අතුරින් 98 දෙනෙකුම හඳුනාගෙන තිබෙන්නේ දැනට හුදකලා තත්ත්වයේ පවතින අටුලුගම ප්‍රදේශයෙනි.