බුරවි සුළි කුණාටුවෙන් 12,252 ක් පීඩාවට, 4කට තුවාලයි

බුරවී සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක පුද්ගලයින් 12,252ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානියට පත්ව ඇති නිවාස සංඛ්‍යාව 15ක්. තවත් නිවාස 192 කට අර්ධ හානි සිදුව තිබෙනවා. සුළි කුණාටුව හේතුවෙන් 4 දෙනෙකු තුවාල ලබා ඇති බව ද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසවා. එමෙන්ම මෙම කුණාටුව බලපැවැත්වෙන කාල සීමාව තුල එක් අයෙකු අතුරුදන් වී ඇති අතර කුණාටුවට හසුවීමෙන් ඔහු අතුරුදන් වුවාද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නැති බව සඳහන්.