මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස නිමල් පුංචිහේවා පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස නිමල් පුංචිහේවා පත් කිරීම පිලිබඳ පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස නිමල් පුංචිහේවා ගේ නම පාර්ලිමේන්තු සභාව වෙත යෝජනාකර තිබුණා. මීට අමතරව පොලිස් කොමිසම, සමාජ සේවා කොමිසම, අල්ලස් හා දුෂණ කොමිසම යන කොමිසම් වෙනුවෙන් යෝජනා කර තිබු නම් සඳහාද අනුමැතිය පාර්ලිමේන්තු සභාව ලබා දී ඇති බව සඳහන්.