මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් කංසා ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර

අධි අවදානම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් කංසා ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබෙනවා. කංසා සහ කංසා භාවිතා කර සිදු කරන වෙනත් නිෂ්පාදන පිළිබඳව ලොක් සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ නිර්දේශ මාලාව සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ තිබේ.
අදාල ලැයිස්තුවෙන් කංසා ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය පිළිබඳ කොමිසමේ සාමාජික රටවල් 53 න් රටවල් 27 ක් පක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා. කංසා අධි අවදානම් ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කර ඇත්තේ රටවල් 25 ක් පමණි.
ඒ අනුව හෙරොයින් ඇතුළු මාරාන්තික ඇබ්බැහිවීම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් කංසා ඉවත් කෙරෙනු ඇත. මින් ඉදිරියට කංසා අවදානම් සහිත මත්ද්‍රව්‍යයක් ලෙස නොසලකන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරන්නේ.
කංසා නීතිගත කිරීම සහ ආර්ථික භෝගයක් ලෙස වැවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. ඊට සාපේක්ෂව මෙරට තුළද කංසා නීතිගත කිරීම පිළිබඳව මෙන්ම ඒ ආශ්රිත නිෂ්පාදන සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිව තිබේ