කෝවිඩ් එන්නත බ්‍රිතාන්‍යයට පැමිණෙයි

අද දිනය තුළ බ්‍රිතාන්‍යයේ කෝවිඩ් මරණ ගණන 60,000 සීමාව ඉක්මවා ගිය අතර, ෆයිසර් කෝවිඩ් එන්නත බ්‍රිතාන්‍යය ළඟා වී තිබේ.
මෙම වැක්සිනයෙන් මාත්‍රා ලක්ෂ 8 ක්, යූරොටනල් හරහා ලොරිවලින් ගෙන ආ බව ස්කයි නිව්ස් පුවත් සේවය පවසයි.
මෙම Pfizer/BioNTech වැක්සීනය ආසාදිතයන් වෙත ලබාදීමට ප්‍රථම සෙල්සියස් අංශක – 70 ක ශීතලක ගබඩා කර තැබිය යුතුය. අගමැති බොරිස් ජොන්සන් අද දිනයේ පැවසුවේ ‘‘ඉතාම අභියෝගාත්මක යටිතල පහසුකම් රැසක්‘‘ වැක්සිනය බෙදාහැරීම සහ ගබඩා කිරීම සඳහා අවශ්‍ය වන බවයි.
පහත දැක්වෙන්නේ ෆයිසර් (බෙල්ජියම), ඔක්ස්ෆර්ඩ් (එක්සත් රාජධානිය) සහ මොඩර්නා (ඇමරිකාව) වැක්සින පිළිබඳ තොරතුරු වගුවකි. මෙහි ඇති දත්තවලට අනුව ෆයිසර් වැක්සිනයක් පවුම් 15කට මිල වන විට ඔක්ස්ෆර්ඩ් වැක්සිනයක මිල පවුම් 3 ක් පමණි. තවද සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයේ තබාගත හැකි එකම වැක්සිනය වන්නේ ඔක්ස්ෆර්ඩ් වැක්සිනයයි.
මේ අනුව විශේෂඥයන් පෙන්වා දෙන්නේ ආසාදිත ජනතාව සම්පූර්ණයෙන්ම එම අවදානමෙන් මුදවා ගැනීම සඳහා ෆයිසර් බයොඇන්ටෙක් වැක්සිනය මතම රඳා නොසිටිය යුතු බවයි.
අද දිනය තුළ කෝවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,674,134 ක් වේ. අද දිනයේදී එරටින් වාර්තා වූයේ 60,113 වන කෝවිඩ් මරණයයි
Thanks : out bound today