LTTE සාමාජිකාව ගැන තොරතුරු දුන් බුද්ධි නිලධාරීන්ට උසස්වීම්

මියගිය ත්‍රිවි​ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට ලබාදෙන දීමනා, මියගිය පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් ලබාදෙන බව, මහජන ආරක්‍ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අදර්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ, අද පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආචාර්ය සරත් වීරසේකර මේ බව සඳහන් කර සිටියා. ඊට අමතරව බස් රථයකින් ක්ලේමෝ බෝම්බයක් රැගෙනයමින් සිටි හිටපු LTTE සාමාජිකාව ගැන තොරතුරු ලබා දුන් බුද්ධි නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට ද කටයුතු කරන බවත් ඔහු සඳහන් කර සිටියා.