නිරෝධානය වෙමින් සිටි අගමැති ආරක්ෂක කොට්ඨාසයේ පහකට කොවිඩ්

හබරාදුව  නිලපියස නිරෝධායන මධ්‍යස්ථානයේ  නිරෝධායනය වෙමින් සිටි පොලිස් නිලධාරින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව පී.සී.ආර්. පරික්ෂණවල දී  තහවුරු වී ඇති බව  ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

මෙම  පොලිස් නිලධාරින් 05 දෙනා ප්‍රථිකාර සදහා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය වෙත යොමුකිරිමට කටයුතු කරන බවද ඒ මහතා පවසයි.  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පී.සී. ආර්. පරික්ෂණ සිදුකොට ඇති අතර අද (04) උදැසන ලැබුණු වාර්තා අනුව මෙම නිලධාරින් 05 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පොලිස් සැරයන්වරු 02 නෙකුට හා  පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනෙකුට  කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.  මොවුන් අගමැති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව රාජකාරිකරණු ලබන නිලධාරින් වෙති.

මෙම නිලධාරින් කුරුන්ද, මිරිගම, පියදිගම, අරලගංවිල, කොළඹ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.