සජිත්ට මඩ ගහන්නන්ට එරෙහි නීතිමය පියවර
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉලක්ක කරගෙන එල්ල කරන මඩ ප්රහාරයන් පාර්ලිමේන්තුවේත්, ඉන් පිටත නොයෙකුත් මාධ්‍ය හමුවලදීත් සිදුකරන ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඊයේ (04) පැවැති සමගි ජන බලවේගය මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබෙනවා. මෙසේ විපක්ෂ නායකවරයාට පෞද්ගලිකව එල්ල කරන මඩ ප්රහාරයන් ඉහළ යමින් පවතින නිසා ඒ පිළිබඳව දැඩි පියවර ගතයුතු බවට ද, එවැනි අභූත චෝදනාවන් සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට සජබ නීතිඥ මණ්ඩලයේ සහාය ලබා ගැනීමටද මෙහිදී තීරණය වී තිබෙනවා.