මේක මොනවගේ රටක්ද ! – රාසමානික්කම් ’මැතිසබය නිහඬ කළ’ කතාව (Video)

දෙමළ ජනතාවට මියගිය තම ඥාතීන් සැමරීම සඳහා අධිකරණයේ පිහිට පැතීමට සිදුවී ඇති බවත්, මුස්ලිම් ජනතාවට තම ඥාතීන්ගේ මළසිරුරු මිහිදන් කිරීම සඳහා අධිකරණයේ පිහිට පැතීමට සිදුවී ඇති බවත් එසේම කතෝලික ජනතාවට මියගිය තම ඥාතීන්ට යුක්ති ඉටු කිරීම වෙනුවෙන් අධිකරණයේ පිහිට පැතීමට සිදුව ඇති බවත්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මන්ත්‍රීවරයා පවසනවා.

අයවැය විවාදයට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා විමසා සිටියේ ජනතාවට මෙවැනි තත්වයක් ඇතිවීමට තරම් අවාසනාවන්ත රටක් වී ඇති බවයි. මෙය කුමන ජාතියේ රටක්දැයි ඔහු විමසා සිටිනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වත්මන් ආණ්ඩුව සිංහල බෞද්ධ රාජ්‍යයක් සම්බන්ධයෙන් උදම් ඇනුවද බුදුදහමේ මූලික පදනම වන මනුෂ්‍යත්වයට ගරු කිරීම නම් මූලධර්මය ආරක්ෂා කිරීමට හෝ වත්මන් පාලකයන් අසමත් වී ඇති බව පෙන්වා දෙන රාසමානික්කම් මන්ත්‍රීවරයා විමසා සිටින්නේ රටක පාලකයන්ට එවැනි පහත් තත්වයකට වැටිය හැකිද යන්නයි.