යාපනය ශික්ෂණ රෝහලටත් ගංවතුරෙන් බලපෑම් – වාට්ටු කිහිපයක් ජලයෙන් යටවෙයි

යාපනය දිස්ත්‍රීක්කයට මේ දින වල බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර රෝහලේ වාට්ටු කිහිපයක්ද ජලයෙන් යට වී ඇති බවට රෝහල් වෛද්‍ය වරුන් පවසති.

රෝහලේ වාට්ටු තුලට ජලය පැමිණීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩා විඳින අතරම වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයන්ටද දෛනික කටයුතු සිදු කරගැනීමට නොහැකිව තිබෙන අතරම ඇතැම් රෝගීන් හා කාර්ය මණ්ඩලයන් වෙනත් ස්ථානයන් වෙතට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමට සිදුව ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දින කිහිපයක් පුරා යාපනය දිස්ත්‍රීක්කයට නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් යාපනය නගරයටද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති අතරම දෛනික කටයුතු වලට මෙමගින් දැඩි බලපෑමක් එල්ල වී ඇත.

පවතින් තත්වය අනුව යාපනය ශික්ෂණ රෝහලේ ඇතිව තිබෙන ගංවතුර තත්වය අවදානම් වුවද රෝගීන්ට හැකි අයුරින් ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු වන බවට රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටි.සත්‍යමූර්තති මහතා පවසා සිටියේය.