විදේශගත ලාංකිකයන් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් 02 ක සහ ඕස්ට්‍රේලියාවේ , ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි ගුවන් යානා 02 කින් 169 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 41 දෙනෙකු ද , ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට 38 දෙනෙකු ද , ජපානයේ නරීටා සිට 50 දෙනෙකු ද වශයෙන් ශ්‍රී ලාංකිකයන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව කොළඹ පෞද්ගලික රෝහල් කීපයක කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.