ඉතාලියේ කොවිඩ්-19 මරණ 60,000ක සීමාව ඉක්මවා යයි
ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව කොවිඩ් -19 මරණ 60,000ක් ඉක්මවා වාර්තා වී තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව ඉතාලිය දැන් ලෝකයේ වැඩිම නව කොරෝනා වෛරස මරණ සංඛ්‍යාවෙන් හයවැනි ස්ථානයට පත්ව ඇති රාජ්‍යයයි.
ඉරිදා දිනයේදී රට තුළ නව තහවුරු කරන ලද කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,887ක් වන අතර, මේ වනවිට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,728,878ක් ලෙස දැක්වෙයි. එමෙන්ම සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 60,078ක් ලෙස දැක්වෙයි.