අද සිට නයිට් රේස් වලට වැඩ වරදී

අපරික්ෂාකාරී ලෙස ප්රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල රිය ධාවනය කරන පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුම් දියත් කර තිබෙනවා. ඒ, අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී මොරටුව – එගොඩඋයන ප්රදේශයේදී දැරියන් දෙදෙනෙකු මිය ගොස් ගැබිණි මවක් බරපතල තුවාල සිදුකිරීම සහ ඇයගේ කලලය ද විනාශ වීමේ සිද්ධිය මුල් කර ගනිමින්. එමෙන්ම කිඹුලාවල ප්රදේශයේ ඊයේ රාත්රියේ එලෙස යතුරුපැදි තරඟයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව සිදුකළ වැටලීමකදී යතුරුපැදි 24ක් සමඟ තරුණයින් පිරිසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.