ඇඟලුම් ආයතනයේ කොරෝනා ව්‍යාප්තිය ගැන හොයන්න ගිය CID 20කට කොරෝනා

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ කොරෝනා ව්‍යාප්තිය ගැන විමර්ශනයට සහභාගීවූ CIDයේ නිලධාරීන් 20දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. නීතිපතිවරයාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම විමර්ශන කටයුතු ආරම්භ කළා. එලෙස දින දෙකක් ගත වෙද්දී එම නිලධාරීන් 70දෙනෙකුට කොරෝනා ආසාදනය වූ බවයි මහජන සාමය පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.