වැලිකඩ, මහර හා මැගසින්වලින් තවත් ආසාදිතයන් 246ක්

වැලිකඩ, මහර හා මැගසින් යන බන්ධනාගාර තුළ කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් පසුව ඊයේ (07දා) නව කොවිඩ් වයිරස් ආසාදිතයන් 246 දෙනකු හඳුනාගෙන තිබීම හේතුවෙන් බන්ධනාගාර කොවිඩ් පොකුර 2,297 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක පවසන්නේ එම ආසාදිතයන් පිරිස අතර පිරිමි නිලධාරීන් හා කාන්තා නිලධාරිනියන් 94 දෙනකු සිටින බවත් පිරිමි රැඳවූවන් හා කාන්තා රැඳවියන් 2,203 දෙනකු සිටින බවයි.
වෙනත් බන්ධනාගාරවල සිට වීරවිල බන්ධනාගාරය වෙත මාරු කර යවන ලද සැකකරුවන් පිරිසක්ද මෙම ආසාදිතයන් අතර සිටින බව පාලන කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවා.