කොවිඩ් ආසාදිත රැඳවියන් ට වෙනම ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනක්.මහල් නිවාස හුදකලාවෙන් නිදහස් කිරීමටත් නව ක්‍රමවේදයක්.

ජනාධිපතිවරයා ගේ උපදෙස් මත මෙරට බන්ධනාගාර වලින් හමුවන කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් ආරක්ෂක අංශ වල ආරක්ෂා ව සහිතව විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන තුනක් ඉදිකිරීමට නියමිතය.

ඒ යාපනය ,කන්දකාඩු හා ගල්ලෑල්ල ප්‍රදේශවලයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

යුධහමුදාපති වරයා මේ බව පැවසුවේ කොවිඩ්මර්ධන කාර්‍ය සාධක බලකා රැස්වීමේදීය.

මීට අමතරව සෑහෙන කාලයක් පුරා හුදකලා කර ඇති මහල් නිවාස ඉන් මුදාගැනීමේ ක්‍රමවේදයක් ගැනද මෙහිදී සාකච්ඡා වූ අතර එම මහල් නිවාස වල සියලු පදිංචිකරුවන් සඳහා පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකොට ඒවා හුදකලා තත්වයෙන් මුදා හැරීමට ඇති හැකියාවද සොයා බැලෙන බව මෙහිදී හෙළිවිය.