අපට කඩුවලින් පහර දුන්නා – මහර බන්ධනාගාර රැඳවියෙක්

මහර බන්ධනාගාරයේ ගැටුම සිදුවූ දිනට පසු දින එම පරිශ්‍රය තුළ සිදුවූ සිද්ධි දාමයක දර්ශන පෙළක් “අද දෙරණ”ට ලැබී තිබේ.
එහි සටහන්ව තිබුණේ මහර බන්ධනාගාර අධිකාරීවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රැඳවියන් හමුවූ අවස්ථාවකි.
මේ අතර ගැටුම සම්බන්ධයෙන් රැඳවියෙකු පැවසුවේ කලහකාරී ලෙස හැසුරුණු සමහර රැඳවියන් සතුව කඩු ද තිබු බවය.