අසාර්ථක වූ ගූගල් ලූන් ව්‍යාපෘතිය ගැන තොරතුරු

මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අරමුණින් පසුගිය ආණ්ඩුව සමයේ ආරම්භ කළ “ගූගල් ලූන්” ව්‍යපෘතිය සඳහා විශාල මුදලක් වැයකර තිබූණද එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බව කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) කොප් කමිටුව රැස් වූ අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය වී ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසා සිටියේ, “ICTA ව්‍යාපෘති ගොඩක් ෆේල්“ යනුවෙනි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍ය මහතා ප්‍රශ්න කර සිටියේ, ගූගල් ලූන් ව්‍යාපෘතියට ගිය වියදම කෙසේද ? යන්නය.

ඊට පිළිතුරු දෙමින් ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද හේරත් මහතා පැවසුවේ, “මේ ව්‍යාපෘතිය අනුමැතියක් නැතුව පරීක්ෂණයක් විදියට කරලා. TRC එකෙන් මේකට අවශ්‍ය සංඛ්‍යාත දෙන්න බෑ කියලා. ඊට පස්සේ පරීක්ෂණය එතනින් නවත්වලා,” යනුවෙනි.

“ව්‍යාපෘතිය නතර වුණාම වෙන මුදලක් වැය වෙලා නැද්ද?“ යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍ය මහතා ප්‍රශ්න කර සිටියේය.

“ආනයනික භාණ්ඩ නිදහස් කරගන්න ලක්ෂ 18ක් වැය වෙලා. ලක්ෂ 64ක් WIFI LAUNCH එකට වියදම් කරලා,“ යනුවෙන් ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද හේරත් මහතා පැවසුවේය.