විග්නේෂ්වරන් ඇතුළු දෙමළ මන්ත්‍රීවරුන් 15 කගෙන් අගමැතිට ලිපියක්
ආර්. සම්බන්ධන්, සී.වී. විග්නේෂ්වරන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ පක්ෂවල මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර දී තිබෙනවා.
ඊයේ (11) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අදාළ ලිපිය භාර දුන් බවයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ.
ත්‍රස්ත විමර්ශන පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින සිරකරුවන් කඩිනමින් නිදහස් කරන ලෙස මෙමගින් ඉල්ලා තිබෙනවා.
මෙම ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා හරහා ජනාධිපතිවරයා වෙත ද යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, අධිකරණ අමාත්‍ය අලි සබ්රිට ද මෙම ලිපිය භාර දී තිබෙනවා.
එහිදී ඔහු සදහන් කර ඇත්තේ අදාළ ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවදානය යොමු කරවන බවයි.
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් ද අදාළ ලිපියට අත්සන් කර ඇති බව සඳහන්.