මහනුවර නගර සීමාවේ පාසල් 42ක් 14දා විවෘත කරයි
මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ වසා දමා තිබුණු පාසැල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14දා) විවෘත කිරීමට තීරණය කළ බවත් මහනුවර නගර සීමාවේ පිහිටි ත්‍රිත්ව,තක්ෂිලා හා කලෙයිමගල් යන විද්‍යාල තව දුරටත් වසා තැබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි.
මධ්‍යම පළාත් කොරෝනා කමිටු සමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු අද (11දා) සියලු දෙනාගේ එකඟතාව මත පාසැල් විවෘත කිරීම සඳහා මෙම තීරණය කළ බවද ආණ්ඩුකාරවරයා පැවැසිය.