ත්රිත්ව විදුහල් නිල නිවාස සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයින් 13දෙනෙක්
මහනුවර ත්රිත්ව විදුහලේ නිල නිවාස සංකීර්ණයෙන් කොවිඩ් වෛරස් ආසාදිතයින් 13 දෙනෙකු හමුවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි .
මීට පෙර එම නිල නිවාස සංකීර්ණයේ සිටි 63 හැවිරිදි කාන්තාවක කොවිඩ් වෛරසය වැලඳී මිය ගිය අතර ඉන් අනතුරුව මියගිය කාන්තාවගේ ආශ්රිතයින්ගෙන් සිදුකළපි.සි.ආර්.පරීක්ෂණ වලදී එම වෛරස් ආසාදිතයින් හමුවේ තිබෙන බවද කොමසාරිස්වරයා පැවසීය.