PCR පරීක්ෂණ වැඩි කරයි, දිනකදී සිදු කල වැඩිම ගණ​න ඊයේ

මෙතෙක් මෙරට දිනකදී සිදු කරන ලද වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ සිදු කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 15,239ක් සිදු කල බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.