කහ කිලෝ 25,000ක් රේගු භාරයට

යුද හමුදා බුද්ධි අංශයෙන් ලද බුද්ධි තොරතුරක් මත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන අංගොඩ ලොක්කා සහ සෝල්ටා යන අයවලුන් හට අවි ආයුධ නිෂ්පාදනය කර ලබා දෙන ඔවුන්ගේ සමීපතම ගෝලයෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ ටී-56 වර්ගයේ ජීව උණ්ඩ 18ක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම, වෑන් රථයක් පැහැර ගැනීම, මංකොල්ලකෑමේ නඩුවක් ඇතුළු වැරදි රාශියකට අධිකරණයෙන් දඬුවම් ලද අයෙක් බව කරුණු අනාවරණය වී ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ” මන්නා රමේෂ්” නැමති පාතාල කල්ලි සාමාජිකයා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අවිස්සාවේල්ල, ගුරුගල්ල හංදිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.