ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ඉලෙක්ටොරොල් දැනුම් දෙයි

එක්සත් ජනපද ජනාධිපති ධුරයට තේරී පත්වූ ජෝ බයිඩන්, ඉලෙක්ටොරොල් ඡන්ද 270ක සීමාව පසුකර ධවල මන්දිරයේ බලය තහවුරු කරගෙන ඇතැයි, එම ඉලෙක්ටොරොල් ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රැස්වී නිල වශයෙන් දැනුම් දී තිබේ.

ධවල මන්දිරයේ බලය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ඉලෙක්ටොරොල් ඡන්ද 270 සීමාවට ඉක්මවා යමින්, හිටපු උප ජනාධිපතිවරයා නිල වශයෙන් පත්කිරීමට අවශ්‍ය ඡන්ද 55ක් වැඩිම ජනගහනයක් සිටින කැලිෆෝනියා ප්‍රාන්තය සඳුදා පස්වරුවේ ලබාදෙන ලදී. ඒ අනුව නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලෙක්ටොරොල් ඡන්ද 232ක් ලබාගනිද්දී, තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් ඡන්ද 306ක් තහවුරු කරගැනීමට සමත්ව තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ට්‍රම්ප් අසාර්ථක වූ ප්‍රධාන සටන් බිමේ ප්‍රාන්ත හයක ඡන්දදායකයන්, එනම් ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවාඩා, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින්ද එලැඹෙන ජනවාරි 20 වැනි දින බලයට පත්වීමට නියමිත බයිඩන් වෙත ඡන්දය ලබාදී තිබුණි.

කෙසේ වෙතත් මෙම මැතිවරණය දූෂිත මැතිවරණයක් බව පවසමින්, අවස්ථා ගණනාවකදී මැතිවරණ ප්‍රතිඵලවලට අභියෝගයක් එල්ල කිරීමට ට්‍රම්ප් උත්සාහ කළද එය ව්‍යර්ථ වී ගියේය. ඒ අනුව සඳුදා ඉලෙක්ටොරොල් ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීම තුළ බයිඩන්ගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු අවස්ථාවක් නොතිබූ අතර, ප්‍රතිඵල ආපසු හැරවීමේ ට්‍රම්ප්ගේ නීතිමය ව්‍යාපාරය අසාර්ථක වී ඇත.