කොවිඩ් එන්නතක් ගත් ලොව පළමු පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකුත්
කොරෝනා රෝගය මර්ධනය කිරීම පිණිස නිපදවන ලද එන්නතක් මුලින්ම ලැබුණු පිරිස අතරට ශ්‍රී ලාංකිකයෙකු එක්වී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් වන වෛද්‍ය ප්‍රේම් ප්‍රේමනාත් මහතා මෙලෙස මෙම එන්නත ලබාගෙන තිබෙන බව බීබීසී සිංහල සේවය වාර්තා කරනවා. පසුගිය අඟහරුවාදා (08) බ්‍රිතාන්‍යය දියත්කළ මහා පරිමාණ එන්නත් ලබාදීමේ වැඩසටහනක කොටසක් ලෙස ලොව ප්‍රථම වරට ෆයිසර් (Pfizer) කොවිඩ්19 එන්නත ලබා ගත් පුද්ගලයා බවට පත් වූයේ එක්සත් රාජධානියේ දිවිගෙවන 91 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයට එන්නත දෙනු ලැබුවේ ග්‍රිනිච් වේලාවෙන් එදින උදෑසන 06:31ටයි. දකුණු එංගලන්තයේ සරේ ප්‍රදේශයේ ෆ්රිම්ලි පාක් රෝහලේ විශේෂඥ වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් ට එම එන්නත එදිනම උදෑසන 8 ට ලබා දී තිබෙන අතර එම රෝහලෙන් එන්නත ලබාදුන් පළමු පුද්ගලයා ද ඔහු බව වාර්තා වනවා.