කොවිඩ් ආසාදිත මවක් නිවුන් දරුවන් බිහි කරයි
නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි කොවිඩ් -19 ආසාදිත මවක් අද (15) නිවුන් දරුවන් බිහි කළාය.
එය මෙරට කොවිඩ් ආසාදිත මවක් විසින් නිවුන් දරු උපතක් කළ දෙවැනි අවස්ථාව ය.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මව සහ දරුවන් සුවෙන් පසුවන බවය.