පොදු ප්‍රවාහනයේදී මගීන් ගෙන යාම ආසන ගණනට පමණයි

මින් ඉදිරියට පොදු ප්‍රවාහන මගී බස් රථ තුළ ආසන ගණනට පමණක් මගීන් ගමන් කළ යුතු බවත් මගීන් සිටගෙන ගමන් කිරීම නොකළ යුතු බවත් සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

එම විධිවිධාන වලට පටහැනිව කටයුතු කරන බස් රථවල හිමිකරුවන්ට, කොන්දොරවරුන්ට හා රියදුරටන් නිරෝධායන පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!