ඉංගිරියේ කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයින් 47ක්

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයේ බොරළු ගොඩ පිහිටි දැව ආශ‍්‍රිත  කර්මාන්ත ශාලාවක සේවකයින් 47 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවත් එයින් 37 දෙනෙකුම ඉන්දියානු ජාතිකයින් බවත් ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක පි.සී.එල්.ප‍්‍රියන්ත මහතා පවසයි.

මෙම කර්මාන්ත ශාලාවේ මීට පෙර අහඹු ලෙස සේවකයින් 06 දෙනෙකුගේ සිදුකරන ලද පිසීආර් පරීක්‍ෂණ ප‍්‍රතිඑල පසුගිය 11 වෙනිදා ලැබුණු අතර එයින් 05 දෙනෙකු ආසාදිත බව තහවුරු වී තිබුණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අනතුරුව කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා සේවකයින් 80 දෙනෙකුගේ පිසීආර් පරීක්‍ෂණ සිදු කළ අතර එම ප‍්‍රතිඵල 14 දින රාත‍්‍රියේ ලැබුණු අතර එයින් 47 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

මේ අනුව එම කර්මාන්ත ශාලාවේ සමස්ත ආසාදිතයින් ගණන 52 ක් දක්වා ඉහළ ගොස් අති අතර ඉන්දියානු ජාතිකයින් 37 දෙනෙකු ද ඒ අතර වීම විශේෂත්වයකි.