කොරෝනාවෛරසයේ තවත් ප්‍රභේදයක් හමුවෙයි: පර්යේෂකයින් දැඩි අසීරුතාවක

කොරෝනාවෛරසයේ තවත් අලුත් ප්‍රභේදයක් එංගලන්තයේ ගිනිකොණ දිග ප්‍රදේශයෙන් හමුවී තිබේ.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, නව ප්‍රභේදය පවතින ප්‍රභේදවලට වඩා ශීඝ්‍රයෙන් පැතිරෙනවා ද?, බරපතළ රෝග ලක්ෂණ ඇති වනවා ද? නැතහොත් මේ වන විට නිපදවා ඇති කොවිඩ් එන්නත ඵලරහිත කරයි ද? යන්න පිළිබඳව මෙතෙක් තහවුරු කර නොමැත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ වෙතත්, හේතු දෙකක් නිසා මෙම නව ප්‍රභේදය පිළිබඳව විද්‍යාඥයින්ගේ අවධානය යොමු වී තිබේ.

ඉන් පළමු වැන්න වන්නේ, මෙම නව ප්‍රභේදය කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් හමුවී ඇති ප්‍රදේශවලින් හමුවී තිබීමය.

ඒ අනුව, එම ප්‍රභේදය මගින් වෛරසය ව්‍යාප්ත වීමේ ශීඝ්‍රතාව ඉහළ යාමේ අවදානමක් පවතින බවට සැක පළ කරයි.

ඊට අමතරව, වෛරසයේ ප්‍රභේද රාශියක් හමුවීම නිසා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීමේ ක්‍රියාවලිය සංකීරණ වීමේ අවදානමක් ද පවතී.