ධම්මික පැණිය මුල්වරට පරීක්ෂා කළ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 10කට කොරෝනා

වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සී. එන්. බණ්ඩාර මහතා පවසයි.

එම රෝහලේ සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ අනුව, එහි සේවය කරන වෛද්‍යවරයෙකුට, ලිපිකරුවෙකුට, සුළු සේවකයෙකුට සහ පවිත්‍ර කිරීමේ කටයුතු කරන සේවකයන් තිදෙනෙකුට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන් ම, ඊට පෙර සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ අනුව හෙදියන් දෙදෙනෙකුට සහ පවිත්‍ර කිරීමේ කටයුතු කරන සේවකයන් දෙදෙනෙකුට ද කොරෝනාවෛරසය ආසදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ අතර, පසුගිය දා කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමැති පුද්ගලයා විසින් කොරෝනා සඳහා නිෂ්පාදනය කරන ලද පැණිය මුල්වරට ලබා දී පරීක්ෂා කළේ, වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන්ට ය.

එහිදී එම රෝගීන් සම්පූර්ණයෙන් සුවය ලැබූ බව ධම්මික බණ්ඩාර මහතා සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත්, එවැනි අත්හදාබැලීමක් තමන් දැනුවත්ව සිදු නොවූ බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.