දඩ මුදල් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන දඩ මුදල් සංශෝධනය සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා නීති කොමිසමේ නිර්දේශ මත අධිකරණ අමාත්‍යවරයා පත්කළ කමිටුවක් මගින් අදාළ සංශෝධන සිදුකෙරන බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අපරාධ නීති වසර 100කට වඩා පැරණි බවත්, සත්ව හිංසාව වෙනුවෙන් දැනට පවතින දඩ මුදල රුපියල් 100ක් වන බවත් උදය ගම්මන්පිල මහතා පැවසීය.

කෙසේ වෙතත් ජනතාවට බියක් ඇති වන ආකාරයට දඩ මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන දඩ මුදල් සංශෝධනයට තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.