‘WHO නිර්දේශ කරන එන්නතක් ජනතාවට නොමිලේ දෙනවා’ : වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ

කොවිඩ්-19 සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කරන එන්නතක් එහි ප්‍රමිතීන් සොයා බැලීමෙන් අනතුරුව රජය විසින් එය මිලදී ගෙන නොමිලේ මෙරට ජනතාව වෙනුවෙන් ලබාදීමට වර්තමාන රජය ඕනෑ ම අවස්ථාවකදී සූදානම් බව ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග, කොවිඩ් රෝග මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ‘මව්බිම’ට ප්‍රකාශ කළා ය.

කොවිඩ්-19 වෙනුවෙන් සුදුසු එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කළ පසුව එය පළමු අවස්ථාවේදී ම මෙරට ජනතාව වෙනුවෙන් ලබාදීමට රජය සූදානම් බවත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් රජයට උපදෙස් ලබාදී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!