බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වැසේ

කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

‘මව්බිම’ කළ විමසීමකදී දුම්රිය ප්‍රධාන පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු පැවසුවේ, දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගැණුන ද එම දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කිරීම සිදුවන බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේවෙතත්, ප්‍රවේශ පත්‍ර නිකුත්කිරිම හා පරීක්ෂාකිරීම ඇතුළු කටයුතු තවකාලිකව අත්හිටුවා ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

තව ද දුම්රිය ස්ථානය විෂබීජහරණය කිරීමෙන් පසුව යළි එහි කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධීකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.