උතුරේ ආණ්ඩුකාරවරිය චාල්ස් රජය නොමඟ යවලා?
උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය සිය ධූරයට මුවාවෙමින් බරපතල විෂමතාවන්හි නිරත වී ඇතැයි වාර්තා වෙයි.
විශේෂයෙන් උතුර පළාත සංවර්ධනය කිරීමෙහිලා පුරෝගාමී දායකත්වයක් ලබා ගැනීමේ අරමුණින් චාල්ස් මහත්මිය ආණ්ඩුකාරවරිය ලෙස පත් කළද ආණ්ඩුව බලාපොරොත්තු වූ පරිදි උතුරු ජනතාව සමඟ එක්ව පළාත සංවර්ධන කර දේශපාලන අර්බුදයන්ද සමනය කර ගැනීමට ඇය මේ වන විට අපොහොසත් වී ඇති බවයි තක්සේරුව වී ඇත්තේ.
ඇය සිය රාජකාරිය කෙසේවෙතත් සිය පෞද්ගලික අරමුණු වෙනුවෙන් ආණ්ඩුකාරධුරය යොදා ගෙන ඇති බවට චෝදනාවට ලක්ව සිටින බව සඳහන්. අවම වශයෙන් උතුරේ දෙමළ ප්‍රජාවේ හෝ ප්‍රසාදය දිනා ගැනීමට ඇය අපොහොසත් වී ඇති අතර මේ වන විට එම ප්‍රජාවේ බලවත් විරෝධය එල්ල වෙමින් තිබේ.
ප්‍රධාන කොටම ඇය දේශපාලනික වශයෙන් ස්වාධීනව කටයුතු කළ යුතු වුවත් රහසිගතව දෙමළ ජාතික සන්ධානයට (TNA) සහය දීම පිළිබඳව අනාවරණය වීම හේතුවෙන්ම දේශපාලනික විරෝධයක් මතුව තිබේ.
මේ අතර විෂමතාවන්ට,අක්රමිකතාවන්ට ඉඩ ලබා දෙමින් මහා පරිමාණයේ ඉඩම් සිය හිතවතුන්ට බදු ක්‍රමයට ලබා දී ඒවා අයථා ලෙස ගැනීම,ඉන්ධන ඉන්ධන පිරවුම් හල් අටක් නීතිවිරෝධී ලෙස ව්‍යාපාරික හිතවතුන්ට කිසිදු විවෘත ප්‍රසම්පාදන ක්‍රමවේදයකට යටත් නොකර ලබා දීම,එමෙන්ම සිය දියණිය මාධ්‍ය ලේකම් තනතුරට පත් කර රු. අසූදහසක වැටුපක් ලබා දී ඇති නමුත් ඇය කිසිදු දිනක සේවයට වාර්තා කර නොකිරීම යන චෝදනා එල්ල වී ඇත.
තවද ඇය නිසි ලෙස රාජකාරියට හෝ වාර්තා කර නැත. අයගේ අවශ්‍යතාව පරිදි කාර්යාලයට පැමිණෙන ස්වභාවයක් පවතින බවද දැක්වෙයි.
එමෙන්ම කොළඹ බත්තරමුල්ලේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලය ගල්කිස්ස ප්‍රදේශයට හදිසියේම ගෙන ගොස් තිබෙන අතර එම ස්ථානයද ඇයගේ ඥාතියෙකුගේ ව්‍යාපාරික ස්ථානයක් බවයි දැක්වෙන්නේ. නො.05 මවුන්ට ඇවනියු යන ස්ථානයට ආණ්ඩුකාර කාර්යාලය ඉදිරි වසර පහක කාලයක් සඳහා කුලී පදනම මත ලබා ගෙන ඇති අතර එහි රාජකාරී සැප්තැම්බර් 01 වැනි දින ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.
කෙසේවෙතත් උතුරු ආණ්ඩුකාරවරිය එම ධූරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇති මොහොතක සේවා ආවරණය සඳහා තවත් කෙටි කාලයක් ඇය ඉල්ලා ඇති බව සඳහන්.
එලෙස කාලයක් ඉල්ලා ඇත්තේද ඇය අක්‍රමිකතා වසා ගැනීමට බවද තතු දන්නෝ පවසති.
මෙලෙස ඉහළ තනතුරු අවභාවිත කරමින් රජයද අප්‍රසාදයට ලක්කරමින් රාජකාරී වගකීම පසෙකලා මඩිස්සලය තර කරගැනීමට ක්‍රියාත්මක වන මෙවැනි තැනැත්තන්ගෙන් ජනතා මෙහෙවරක් බලාපොරොත්තු වන්නේ කෙසේද? විශේෂයෙන් තමන් නියෝජනය කරන ජන ප්‍රජාවේ හෝ විශ්වාසය තහවුරු කර ගැනීමට අපොහොසත් වීමම අසාර්ථකත්වය පෙන්නුම්කරන්නක් නොවේද?
මෙවැනි වටපිටාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය සෞභාග්‍යමත් දේශය ගොඩනැගීම හුදු වචනවලට පමණක් සීමා වන තත්ත්වයකට පත්වීමේ අවදානම නොපවතී යැයි කිව නොහැකිය. විශේෂයෙන් දේශපාලන විරසකයන්, අර්බුද, සැකයන් පවතින උතුර වැනි පළාතක මෙහෙයුම් අසාර්ථක වනවා කියන්නේ ම එය රජයට බරපතල අවදානම් සහගත තත්ත්වයකි.
එහෙයින් මෙවැනි අතිශය වගකීම් සහගත තනතුරු වෙනුවෙන් ආසන්නතම සුදුසුකම නොව හැම අතින්ම සිදුසුකම් ඇති මෙන්ම ඊට ප්‍රායෝගික අත්දැකීම් ඇති සුදුස්සන් පත් විය යුතුව තිබේ.
එසේ නොවන තාක් විශේෂයෙන් දේශපාලන වෙනස්වීමක අවශ්‍යතාවක් ඇති උතුර වැනි පළාතක් රජයට දිනා ගැනීම තවදුරටත් අපොහොසත් වනු ඇත.