එංගලන්තයේ කොවිඩ් එන්නත් ලබාදීමේ ප්‍රථම අදියරේදී ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියකට එන්නත ලැබෙයි
විඩ්-19 සඳහා වන එන්නත් ලබා දීමේ ප්‍රථම අදියරේදී ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ පුණ්‍යා හීන්දෙනිය මහත්මියට එම එන්නත් ලබා ගැනීමට හැකි වී තිබේ.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ, කොවිඩ් එන්නත් ලබාදීමේ ප්‍රථම අදියරේදී මෙම එන්නත ලබා ගැනීමට තමන්ට හැකි වූ බවත් ඉක්මනින් මෙම වසංගතය ලොවෙන් තුරන් වන ලෙස තමන් ප්‍රාර්ථනා කරන බවත් ය.
Today we received the first part of the Covid-19 vaccine. Wishing the world a speedy end to this pandemic.
Posted by Punya Heendeniya on Wednesday, December 16, 2020
පුණ්‍යා හීන්දෙනිය මහත්මිය මේ වන විට එංගලන්තයේ, ලන්ඩන් නුවර ජීවත් වේ.
ශ්‍රී ලාංකේය සිනමාවේ මං සලකුණු සනිටුහන් කළ කුරුලු බැද්ද (රන්මැණිකා), සිකුරු තරුව (අනුලා), ගම්පෙරළිය (නන්දා), පරසතුමල් (කමලා) හා රන්සළු (සුජාතා) ආදී චිත්‍රපට හරහා ඇය මෙරට සිනමා ප්‍රේක්ෂක හදවත් දිනා ගත් ප්‍රවීණ රංගන ශිල්පිනියකි.