කැබ් රථයක් වැවට පෙරළී ගැහැණු දරුවෙක් හා පියා අතුරුදන්

මුලතිව්, මල්ලාවි ප්‍රදේශයේ පිහිටි වවුනිකුලම වැවට අද (19) සවස කැබ් රථයක් පෙරළිමෙන් පිරිමි දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර එම රථයේ සිටි පියා හා තවත් දැරිවියක් අතුරුදහන්ව ඇති බව මල්ලාවි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ වැව් බැම්ම මතින් ගමන්ගත් කැබ් රථයක් වැවට පෙරළි ඇති බවයි. අනතුරින් අවුරුදු 12 ක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර වයස අවුරුදු 38 ක පුද්ගලයෙකු හා වයස අවුරුදු 03 ක දැරියක් අතුරුදහන්ව ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කැබ් රථයේ සිටි තවත් දරුවෙකු අනතුරින් බේරී දිවි ගලවාගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේ.

අතුරුදහන්වූවන් සොයා පරීක්ෂණ පවත්වන අතර මල්ලාවි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.