නිව් සවුත් වේල්ස් පොකුර ආශ්‍රිත තවත් ආසාදන 8ක්

ඔස්ට්‍රේලියානු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ්-19 පරීක්ෂණ 45,000කට ආසන්න ප්‍රමාණයක් සිදු කිරීමෙන් පසු ගෙවීගිය දිනයේ සිට දේශීයව සම්ප්‍රේෂණය වූ නව කොවිඩ් -19 ආසාදිතයන් 8ක් වාර්තා වී තිබේ.

පසුගිය සතියේ සිඩ්නි හි උතුරු වෙරළ තීරයේ අබිරහස් ලෙස පැතිර ගිය වෛරසය පොකුරේ මේ දක්වා අඩුම දෛනික ආසාදන ප්‍රමාණය එය බව කියයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නව දේශීය ආසාදන අටෙන් 7ක්ම සිඩ්නි පොකුරට සම්බන්ධ බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය සේවය ප්‍රකාශ කළ අතර,  8 වැනි ආසාදන සිද්ධිය තවමත් විමර්ශනය කරමින් පවතින බව කියයි. ඒ අනුව මේ දක්වා එම පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 90කි.

කෙසේ වෙතත් ගෙවීගිය දිනයේ නිව් සවුත් වේල්ස් හි ආසාදිතයන් 18ක් වාර්තා වුවත්, ඉන් 10ක්ම විදේශයන්ගෙන් පැමිණ නිරෝධායනය යටතේ සිටින පිරිස්ය.

සිඩ්නි බලධාරීන් මෙම අබිරහස් ආසාදන පොකුර ප්‍රජා සම්ප්‍රේෂණයක් කරා යෑමට නොදී වේගයෙන් පාලනය කරගැනීමට උත්සාහ කරමින් සිටින අතර, මේ වනවිට එය සාර්ථක වෙමින් පවතින බව වාර්තා වෙයි.

එහිදී 250,000කට වඩා වැඩි ජනගහනයක් සහිත උතුරු වෙරළබඩ මහ නගර සභාව බදාදා රාත්‍රිය වන තුරු වසා දමා ඇත්තේ පැතිරීම නැවැත්වීමේ උත්සාහයක් වශයෙනි. වසංගතය ආරම්භ වූ දා සිට නව් සවුත් වේල්ස් වෙතින් කොවිඩ්-19 සිද්ධීන් 4,600ක් වාර්තා වී තිබේ.