කොවිඩ් එන්නත් ලබාගැනීමේ සම්බන්ධීකරණය ලලිත් වීරතුංගට
කොවිඩ් එන්නත් නිපදවා ඇති රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොටඅවශ්ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ඇමරිකාව, එංගලන්තය, චීනය ප්රමුඛ රටවල් කිහිපයක් මේවනවිට කොවිඩ් එන්නත් නිපදවා ඇති අතර එම එන්නත් පිළිබඳ සවිස්තර අධ්‍යයනයකින් පසු අදාළ රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොටඅවශ්ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරනු ලැබූ බව එම මාධ්‍ය අංශය නිවේදනය කර සිටී.
දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී කොවිඩ් නව වෛරස් ප්‍රභේදය හා එහි ව්‍යාප්තිය සමාලෝචනය කිරීමෙන් පසු මේ තීරණයට එළැඹිණ එන්නත ලබාදිය යුතු කණ්ඩායම් අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුවතීරණය කෙරේ. වතු, මහල් නිවාස, නේවාසිකාගාර ඇතුළුව රෝගය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති ස්ථාන සහ කණ්ඩායම් පිළිබඳව දත්ත රැස් කිරීමට ද තීරණය කෙරිණ.