කොරෝනා එන්නත ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ දූත කණ්ඩායම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සහතිකවෙයි
අරලියගහ මන්දීරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද පැවති විශේෂ සාකච්ඡාවකදී එක්සත් ජාතීන්ගේ දූත පිරිස ශ්‍රී ලංකාවට කොවිට් එන්නත් ලබා දෙන බවටත් එහි පරිපාලනයට සහාය ලබා දෙන බවටත් සහතික විය.
මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හැනා සිංගර්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රුසියා පෙන්ඩිස් සහ යුනිසෙෆ් නියෝජිත ටිම් සුඩාන් යන දූත පිරිස සහභාගී වූහ.
අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් විශ්වාසය පළ කළේ බොහෝ රටවල් එය ලබා දීමට පටන් ගෙන ඇති බැවින් කොරොන වයිරස් එන්නත ශ්‍රී ලංකාවට ලබා දෙන බවට ශ්‍රී ලංකාවට සහතික විය හැකි බවයි.
ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හනා සිංගර් කියා සිටියේ මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැපවී සිටින බවයි.
එන්නත් ලබා ගත හැකි විගස විශාල ප්‍රමාණයක් එන්නත් භාවිතා කිරීම හා පරිපාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවේශය පිළිබඳව එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා රජය අතර එකඟතාවකට පැමිණියේය.
මෙම අවස්ථාවීදී පවිත්‍රා වන්නියාරච්චි, අජිත් නිවට් කබ්රාල්, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ගාමිණි සේනරත් සහ මේජර් ජෙනරාල් එස්.එම්. මුණසිංහ යන මහත්ම , මහත්මීන් සහභාගිවී සිටියහ .