කටුනායක ගුවන් ගමන් මෙහෙයුම්

විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277ක් ගුවන් යානා 12 කින් පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකිකයන් 909 දෙනෙකු ගුවන් යානා 14 කින් විදේශ රටවල් වෙත පිටත්ව ගොස් ඇති බවත් ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට පැමිණි සියලුම ගුවන් මගීන් පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කටුනායක ගුවන් තොටුපළ තුළින් 600 කට අධික පිරිසක් මැදපෙරදිග රටවල් බලා රැකියා සඳහා පිටත්ව ගොස් තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානා කිලෝ ග්‍රෑම් 194,000 ක් බර ගුවන් භාණ්ඩ තොගයක් මෙරටට රැගෙන විත් තිබූ අතර , කිලෝ ග්‍රෑම් 208,300 ක් බර ගුවන් භාණ්ඩ තොගයක් විදේශ රටවල් කරා අපනයන කර තිබේ.

එංගලන්තයේ වේගයෙන් පැතිර යන නවතම කොරෝනා වෛරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා අද අලුයම 2.00 සිට එංගලන්තයේ සිට පැමිණෙන ගුවන් යානා සදහා ශ්‍රී ලංකාවට පිවිසීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට නියෝග කර තිබේ.