දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන් ගණන 771ක් දක්වා ඉහළට

දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 771ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 438ක්, මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 266ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 67ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ දකුණු පළාතෙන් ඊයේ (24) දිනයේ අලුතින් කොරෝනා ආසාදිතයන් 11 දෙනකු වාර්තා වූ බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 06කි. ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 05දෙනකු සහ බෝපෙ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් ආසාදිතයෙකු ලෙස ඔවුන් වාර්තා වී ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 05දෙනකු අලුතින් වාර්තා වී තිබුණු අතර ඔවුන් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 03ක් අගුණකොලපැළැස්සෙන් හා අම්බලන්තොටින් ඒක් ආසාදිතයෙකු වශයෙන් ඔවුන් වාර්තා වී තිබේ.

මාතර දිස්ත්‍රික්කයෙන් අලුතින් ආසාදියින් වාර්තා වී නොතිබිණි.

කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ මේ වනවිට දකුණු පළාතේ ආසාදිතයින් 266 දෙනකු සුවය ලබා නිවෙස් වලට ගොස් සිටින බවයි. ගාල්ලෙන් 167 දෙනකු, මාතරින් 72දෙනකු හා හම්බන්තොටින් 27 දෙනකු මෙලෙස සුවය ලබා සිටිති.