අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් නිරෝධායනයට

අමාත්‍ය සි.බි.රත්නායක, රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන්, නුවරඑලිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන මරුදපාණ්ඩි රමේෂ්වරන් සහ නිමල් පියතිස්ස ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ, ඔවුන් සහභාගී වූ රැස්වීම්වලට කොරෝනා ආසාදිත වු ආගරපතන ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහභාගී විම හේතුවෙන්. එම පිරිසට අමතරව නුවරඑළිය සහ කොත්මලේ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.