පානදුර ඇඟළුම් කර්මාන්ත ශාලාවක කොරෝනා උප පොකුරක්
පානදුර – හොරණ මාර්ගයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ එම කර්මාන්තශාලාව වසා දමා තිබෙනවා. පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ එහි සේවකයින් 80 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවයි. එම කර්මාන්තශාලාවේ කාන්තාවකට පැවති උණ රෝගී තත්වයක් හේතුවෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයෙන් පසු ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම කර්මාන්තශාලාවේ අනෙකුත් සේවකයින් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමෙන් පසුවයි 80 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත්තේ.